sda

Sunday, July 10, 2016

Loading...
විහාරයක දහම් පාසල් වෙලාවේ සිසුවියන් තුන් දෙනෙක්ට කැත වැඩක් කරන්න ගිය අසහනකාරයෙක් කොටුකරගෙන



ගාල්ල වැලිවත්ත විඡයනාන්ද පිරිවෙන් විහාරයේ අද පැවති දහම් පාසල් වෙලාව අතරතුර සිසුවියන් 3 දෙනෙකු අපයෝඡනය කිරීමට තැත්කල සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරු 10ට පමණ 5 වසර ඉගෙනුම ලබන මෙම සිසුවියන් 3 දෙනා වැසිකිලියට ගිය අවස්ථාවේ එහි සැඟව සිටී සැකකරු ළමුන් 3 දෙනාගේ ඇඟපත අතගා අපයොඡනය කිරීමට උස්සාහ දරා තිබෙනවා.

මේ බව දුටු දෙමාපියන් සැකකරු අල්ලාගෙන තිබෙනවා.

පන්සලේ තාප්පය අසළ පාපැදිය නවත්වා තාප්පයෙන් වැසිකිලිය ඇති ස්ථානයට පැන ළමුන් අපයොඡනය කිරීමට සැකකරු උත්සහ දරා තිබෙනවා. සැකකරැ අල්ලා ගත් දෙමාපියන් ඔහුට හොදටම පහරදී ගාල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට බාරදී තිබෙනවා.

මෙම සැකකරු ගාල්ල කපුහේම්පල පදිංචි විවාහක 30 හැවිරිදි අයෙකි. සැකකරුගේ බිරිද විදේශගතව ඇති බවද ගාල්ල පොලීසිය පවසා තිබෙනවා. මෙම සිද්දිය සැලවූ වහාම ප්‍රදේශවාසින් සහ දකුණු පලාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ඇතුලු පිරිසක් පොලීසියට පැමිනියා.

සැකකරු මේ වන විට ගාල්ල පොලිස් බාරයේ සිටින අතර හෙට ගාල්ල අධිකරනයට ඉදිරිපත්කරන බව ගාල්ල පොලීසිය පවසා තිබෙනවා
Loading...

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by